හබරාදූව පොහොර ගබඩාව වී ගබඩාවක් බවට පත් කරන බව ධීවර,ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මහතා පවසයි.
හබරාදූව සංවර්ධන කමිටු රැස්වීමේදී නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
‘ වගා කළ යුතු සියලු ඉඩම්වල වගා වහා ආරම්භ කළ යුතුයි. ඒ සඳහා සියලු නිලධාරීන්ගේ සහයෝගය අත්‍යවශ්‍යයි. ඒ සඳහා රජයක් ලෙස ලබාදිය යුතු සහයෝගය උපරිමයෙන් ලබා දෙනවා. ඒ වගේම වී වගාවේ පිරිවැය අඩුකර ගන්න ගොවියාට පොහොර සහනාධාරය ලබා දෙනවා’ යැයිද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.
‘වී ලබාගැනීම සඳහා කොග්ගල පොහොර ගබඩාව ලබාදෙන ලෙස වී අලෙවි මණ්ඩලය ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ පොහොර ගබඩාව සුද්ද කරලා වී ගබඩාවක් බවට පත් කරනවා.
මේක ඉදිරියේදී වීවලින් පිරේවි. අපි අපිට අවශ්‍ය කරන බිත්තර වී ටික අපිම හදාගමු. අපේ ප්‍රදේශය සක්‍රීය කර ගන්න සියලු දෙනාගේ සහය ලබා දෙන්න’ යැයිද එහිදී නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
හිනිදුම – රවීන්ද්‍ර ලියනගේ