Home » අධ්‍යාපන අභියෝග ජය ගන්න ADB දායකත්වය

අධ්‍යාපන අභියෝග ජය ගන්න ADB දායකත්වය

by sachintha
December 23, 2024 4:44 am 0 comment

ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවක් ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ දේශීය අධ්‍යක්ෂ තකෆුමි කදොනො (Takafumi Kadono) මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා පාසල් යටිතල පහසුකම්, ගුරු-විදුහල්පති පුහුණුව සහ ඇගයීම් යන්ත්‍රණ සංවර්ධනය කිරීමේ වැදගත්කම මේ සාකච්ඡාවේදී අගමැතිවරිය අවධාරණය කළාය. අඛණ්ඩ ව්‍යාපෘති මඟින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති අභියෝගවලට විසඳුම් සෙවීමට සිය දායකත්වය දීම පිළිබඳව ADB නියෝජිතයෝ වැඩිදුරටත් සාකච්ඡා කළහ.

අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, අගමැති අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ජනරාල් සමන්ත බණ්ඩාර, ආසියානු සංවර්ධන බැංකු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ රංජිත් ගරුසිංහ, මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ADB අංශයේ සහකාර අධ්‍යක්ෂ ධනංජි අමරසිංහ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අධ්‍යක්ෂ ලෂිංකා දම්මුල්ලගේ මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට එක් වී සිටියහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT