Home » ජනපතිට මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන්ගේ ආශීර්වාදය

ජනපතිට මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන්ගේ ආශීර්වාදය

by sachintha
December 23, 2024 5:04 am 0 comment

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා (20) මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලැබූයේ මේ අයුරිනි. පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ අතර, වත්මන් දේශපාලන තත්ත්වය මෙන්ම ජනපතිගේ ඉන්දීය සංචාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදැක ආශීර්වාද ගත්තේය. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සී, නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද, මුතියංගණ රාජමහා විහාරාධිකාරි මුරුද්දෙණියේ ධම්මරතන හිමිවරුද මේ අවස්ථාවට වැඩම කර සිටියහ.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහත්වරුද මේ අවස්ථාවට එක් වූහ.

අසේල කුරුලුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT