Home » වයඹ දිග මුහුදේ බීඩි කොළ පාවෙයි

වයඹ දිග මුහුදේ බීඩි කොළ පාවෙයි

by yasara
December 23, 2024 9:40 am 0 comment

නීතී විරෝධී ලෙසින් මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද ඉන්දියන් බීඩී කොළ සහ විදේශීය දුම්වැටි තොගයක්,කුදිරමලේ තුඩුව ආසන්න වයඹ දිග මුහුදේ පාවෙමින් තිබිය දී නාවික හමුදා මුර සංචාරක යාත්‍රාවක් මගින් පසුගිය දින අත් අඩංගුවට ගෙන ඇත.

විදේශීය දුම්වැටි 9,980 ක් සහ බීඩී කොළ කිලෝ ග්‍රෑම් 2,129 පාර්සල් 64 ක අසුරා තිබියදී මෙසේ අත් අඩංගුවට තිබෙයි.

බටහිර විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර 11 යාත්‍රාව මගින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ඉදිරි නීතිමය කටයුතු සදහා මෙම භාණ්ඩ නාවුක හමුදා භාරයට ගෙන ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT