Home » දහම් පාසල්වලට බාධා වෙන විදිහට පාසල් වැඩ දාගන්න එපා – බුද්ධශාසනේ අධ්‍යාපනේට ලියයි

දහම් පාසල්වලට බාධා වෙන විදිහට පාසල් වැඩ දාගන්න එපා – බුද්ධශාසනේ අධ්‍යාපනේට ලියයි

by chanaka
December 23, 2024 10:25 am 0 comment

දහම් පාසල් කටයුතුවලට බාධා එල්ල විය හැකි බැවින් ඉරිදා දිනවල විවිධ වැඩසටහන් සංවිධාන නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම රජයේ පාසල්වලට දැනුම් දී තිබේ.

පාසල් සිසුන්ට දහම් පාසල් ක්‍රියාකාරකම් සඳහා සහභාගි කරවා ගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධයෙන් ඉල්ලා සිටින බව අතිරේක ලේකම් (පාසල් ක්‍රියාකාරකම්) පී.ආර්.කාරියවසම් මහතා නිකුත්කළ ලිපියක සඳහන් වේ.

දහම් පාසල් කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් වී ඇති බවද එම ලිපියේ සඳහන් කර ඇත.

පාසල් වැඩසටහන් පැවැත්වීමට අවශ්‍ය නම්, එම වැඩසටහන් දහම් පාසල් වේලාවන් සමඟ නොගැටෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටී.

ඉරිදා දිනවල වැඩසටහන් සංවිධාන කිරීමෙන් වැළකී සිටීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද පාසල්වලට උපදෙස් දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT