Home » 2025 වසරේ ලොව වැඩිම නිවාඩු හිමි රටවල් අතර ශ්‍රී ලංකාවට හිමි තැන මෙන්න

2025 වසරේ ලොව වැඩිම නිවාඩු හිමි රටවල් අතර ශ්‍රී ලංකාවට හිමි තැන මෙන්න

by chanaka
December 23, 2024 10:32 am 0 comment

2025 වසරේ ලොව වැඩිම නිවාඩු සංඛ්‍යාවක් හිමි රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුලත්ව තිබේ.

CN Traveller විසින් ඉදිරිපත් කර ඇති වාර්තා අනුව 2025 වසරේ ලොව වැඩිම නිවාඩු දිනයන් සහිත රට ලෙස නම් කර ඇත්තේ නේපාලයයි.

නේපාලයට 2025 වසර සඳහා රජයේ අනුමත පොදු නිවාඩු දින 39ක් හිමිවේ.

එම ශ්‍රේණිගත කිරීමට අනුව මියන්මාරය ලබන වසර සඳහා නිවාඩු 32ක් හිමිකරගනිමින් දෙවැනි තැනට නම් කර ඇත.

නිවාඩු 26ක් ලබන වසර සඳහා ලබා දෙමින් ඉරානය තුන්වන ස්ථානයටත් හිමිකරගෙන තිබෙන අතර නිවාඩු 25 හිමිකරගනිමින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 4 වන ස්ථානයයි.

බංගලාදේශය, ඊජිප්තුව සහ ඉන්දියාවට ලබන වසර සදහා නිවාඩු 22 බැගින් හිමිව තිබේ.

ඔස්ට්‍රේලියාවේ නිවාඩු දිනයන් ගණන ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වන අතර වික්ටෝරියානුවන්ට 2025 වසර සඳහා නිවාඩු දින 12ක් හිමිවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT