අභිනවයෙන් ඉදිකරන ලද වගවත්ත ග්‍රිඩ් උපපොළ ඉකුත් 19 වැනිදා ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.
ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වගවත්ත සහ මිල්ලනිය කර්මාන්ත කලාපවලට විදුලිය සැපයීම සඳහා ඉදිකරන ලද මෙම ග්‍රිඩ් උපපොළ සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් රුපියල් මිලියන 2300 ක මුදලක් ආයෝජනය කර තිබුණි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් පරිත්‍යාග කරන ලද අක්කර පහක පමණ භූමි භාගයක ඉදිකර ඇති මෙම නව ග්‍රිඩ් උපපොළ දැනට පවතින කර්මාන්ත සඳහා විදුලි සැපයුමේ ස්ථායිතාවය හා ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ ඉදිරියේදී ඇතිකිරීමට අපේක්ෂිත කර්මා න්ත සඳහා ස්ථායි මෙන්ම ගුණාත්මක විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන් 90 MVA ක ධාරිතාවයකින් යුතුව ඉදිකර ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ තැනීම් ව්‍යාපෘති (TCP) ශාඛාව විසින් මෙම නව ග්‍රිඩ් උපපොළ සැලසුම් කිරීම, ඉදිකිරීම සහ පද්ධතියට එක් කිරීම සිදු කරන ලද අතර, ලංකා විදුලිබල මණ්ඩලයේම ඉංජිනේරුවන්, අධිකාරීවරුන් සහ සියලු කාර්ය මණ්ඩලවල ක්ෂේත්‍ර සේවකන්ගේ සේවය මේ කාර්යයන් සදහා යොදවා ගෙන තිබුනි. එනම්, වගවත්ත ග්‍රිඩ් උපොල යනු, සම්පුර්ණයෙන්ම ලංකා විදුලිබල මණ්ඩල කාර්යමණ්ඩලයේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද පළමු ග්‍රිඩ් උපපොළ ලෙස හැදින්විය හැකිය.