Home » හැටන් අනතුරින් බරපතළ රෝගීන් අටක් වෙනත් රෝහල් වලට මාරු කෙරේ

හැටන් අනතුරින් බරපතළ රෝගීන් අටක් වෙනත් රෝහල් වලට මාරු කෙරේ

by yasara
December 23, 2024 11:37 am 0 comment

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි ඉකුත් (21) දින මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරලිමෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් තුවාලකරුවන් අට දෙනෙක් මහනුවර ශික්ෂණ රෝහල වෙත සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඊයේ (22) දින රාත්‍රියේ මාරු කර යැවු බව දික්ඔය මුලික රෝහලේ සහකාර අධ්‍යක්ෂක වෛද්‍ය අරුල් කුමරන් මහතා පැවසිය.

අනතුරෙන් තුවාල ලැබු 53 දෙනෙකු එදින දික්ඔය මුලික රෝහලට ඇතුලත් කල බවත්, ඉන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වු බවත්, මුල් අවස්තාවේ තුවාලකරුවන්ගෙන් බරපතල තත්ත්වයේ සිටි කුඩා දරුවෙකු ඇතුළු හත්දෙනෙකු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා, දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තවත් තුවාලකරුවන් අට දෙනෙකු මහනුවර ශික්ෂණ රෝහලට සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යැවු බවද සහකාර අධ්‍යක්ෂකවරයා පැවසිය.

අනතුරෙන් තුවාල ලැබු බස් රථයේ රියදුරා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, බස් රථයේ කොන්දොස්තරවරයා ඇතුළු තවත් තුවාලකරුවන් 25 දෙනෙකු ආසන්න පිරිසක් තවදුරටත් දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, සෙසු තුවාලකරුවන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි අරුල් කුමරන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

අනතුරෙන් මියගිය හැටන් වත්තේ පදිංචිව සිටි අවු 14 ක් වයසැති දේවරාජ් දිනේෂ් කුමාර් දරුවාගේ අවසන් කටයුතු ඔහුගේ විදෙස්ගත මව යලි දිවයිනට පැමිණිමෙන් අනතුරුව සිදු කරන බව ඥාතින් පැවසිය.

එම අනතුරෙන් මිය ගිය නොර්වුඩ් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අවු 67 වයසැති එම්.මුත්තුරාකු නැමති කාන්තාවගේ අවසන් කටයුතු  අද (23) දින නොර්වුඩ් වත්ත පොදු සුසාන භුමියේදි සිදු කරන බව ඇයගේ පවුලේ ඥාතින් පැවසිය.

බස් රථය අනතුරට පත්විමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරින් බස් රථයේ ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කිරිමේදි එහි දර්ශන මකා දමා තිබියදි පොලිස් තොරතුරු කොට්ඨාශය මගින් එහි දර්ශන කිහිපයක් ප්‍රතිස්ථාපනය කර ඇති අතර, එම දර්ශන වලට අනුව බස් රථයේ රියදුරා එක් අතකින් බස් රථය ධාවනය කරන බවත්, එක වරම බස් රථයේ රියදුරු දොරටුව විවෘත විමත් සමග එම දොර වැසිමට රියදුරු උත්සහ කිරිමේදි රියදුරා අසුනෙන් අතුරුදහන් වන ආකාරයකි.

ආරක්ෂිත කැමරා පද්ධතියේ සෙසු දර්ශන ප්‍රතිස්ථාපනය කිරිමට පොලිස් තොරතුරු කොට්ඨාශය කටයුතු කරමින් සිටින බව හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා කියා සිටියේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT