Tuesday, May 6, 2025
Home » චන්ද්‍රසේනට සිලින්ඩරයත් එපා වෙයි

චන්ද්‍රසේනට සිලින්ඩරයත් එපා වෙයි

by sachintha
December 24, 2024 1:21 am 0 comment

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රබල ඇමැතිවරයකු මෙන්ම පසුගිය මහමැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් තරග කළ එස්.එම්.

චන්ද්‍ර‍ෙස්න මහතා සර්වජන බලය පක්ෂයට ඊයේ (23) එක් විය. හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේනට සර්වජන බලය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් පක්ෂ සාමාජිකත්වය නිල වශයෙන් ඊයේ (23) පිරිනමන ලද අතර, පක්ෂයේ නායකත්ව මණ්ඩලයට පත් කිරීමට ද පියවර ගත් බව එම පක්ෂ කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී දිලිත් ජයවීර මහතා කීවේය. මෙම අවස්ථාවට එම පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ, දිලුම් අමුණුගම ඇතුළු පිරිසක් සහභාගි වූහ.

රන්මලී සෝමසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT