28
කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ ලෙල්ලෝපිටිය, වැලිමළුව මංසන්ධිය ආසන්නයේ පිහිටි දැවැන්ත මාර ගසක් නිසා මාර්ගයේ ගමන් කරන අය මෙන්ම එම ප්‍රදේශයේ රැඳෙන ජනතාව ද අවදානමකට ලක්ව සිටිති. මෙම අනතුරුදායක මාර ගසේ අතු කිහිපයක් වරින්වර කඩා වැටී ඇති බවත්, මෑතකදී යතුරුපැදියක් මතට අත්තක් කඩාවැටීමෙන් එහි ගමන් ගත් අයකු තුවාල ලැබූ බවත් ගම්වාසීහු පවසති. මෙය ඉවත් කරන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ට ලිඛිතව කරුණු දන්වා ඇතත් කිසිඳු ප්‍රතිඵලයක් නොමැති ඔවුහු සඳහන් කරති. මාර ගස පිහිටි ස්ථානය ආසන්නයේ බස් රථ ද නවත්වන අතර ත්‍රිරෝද රථ ගාලක් ද තිබේ.
කහවත්ත ලසන්ත නිරෝෂණ පෙරේරා