Home » අඩු ආදායම්ලාභී සිසුහු 20කට ලංකා බැංකුවෙන් තෑගි

අඩු ආදායම්ලාභී සිසුහු 20කට ලංකා බැංකුවෙන් තෑගි

by sachintha
December 24, 2024 1:27 am 0 comment

ලංකා බැංකුවේ පූගොඩ ශාඛාවේ 20 වැනි සංවත්සරය නිමිති කොටගෙන, පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී සිසු දරු දැරියන් 20දෙනකුට පොත් බෑගයක් සමඟින් අභ්‍යාස පොත් පාර්සලයක් ඇතුළු ලිපිද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ උලෙළක් ඉකුත් 21 වැනිදා පූගොඩ පෞද්ගලික උත්සව ශාලාවකදී පැවැත්විණි.

මෙහිදී විවිධ හැකියාවන් දැක්වූ දූ දරුවන්ට ද ත්‍යාග ප්‍රදානය කෙරිණි. ගම්පහ කලාපය භාර ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය කළමනාකරු එච්.එම්.ටී. බණ්ඩාර මහතා හා එම බැංකුවේ ප්‍රධාන කළමනාකාරීනි නදීෂා අතුකෝරළ මෙණෙවිය දූ දරුවන්ට ත්‍යාග ප්‍රදානය කළ අයුරු මෙහි දැක්වේ.

කිරිඳිවැල සමූහ – ජී.එස්. තැලිගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT