Home » කිරිබත්ගොඩ වෙළෙඳ සංගමයෙන් දිළිඳු පවුල්වලට වියළි ආහාර

කිරිබත්ගොඩ වෙළෙඳ සංගමයෙන් දිළිඳු පවුල්වලට වියළි ආහාර

by sachintha
December 24, 2024 1:30 am 0 comment

නත්තල් උත්සවය නිමිති කරගෙන කිරිබත්ගොඩ එක්සත් සිංහල වෙළෙඳ සංගමය මඟින් දළුගම සාන්ත ප්‍රැන්සිස් සාලෙස් දේවස්ථානය වෙත දිළිඳු පවුල්වලට බෙදා දීම සඳහා වාර්ෂිකව නොමිලයේ ලබා දෙන වියළි ආහාර මෙවරත් ප්‍රදානය කිරීම පසුගිය සති අන්තයේදී සිදු කෙරිණ.

මෙම සත්කාර සේවාව පුරා වසර 40ක පමණ කාලයක සිට සිදු කරන අතර, මෙවර දිළිඳු පවුල් 400කට පමණ නොමිලයේ බෙදා දීම සඳහා වියළි ආහාර එම දේවස්ථානය වෙත ලබා දුන්නේය. එහිදී එම දේවස්ථානය භාර මීසම් පාලක වික්ටර් ජයමාන්න පියතුමාට එම වෙළෙඳ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත කබ්රාල් මහතා විසින් එම වියළි ආහාර භාර දෙනු ලැබිණ.

මල්වාන සමූහ – මහානාම විතානගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT