Home » බලපිටිය බස් නැවතුමේ සිටි පුද්ගලයකු මියගිහින්

බලපිටිය බස් නැවතුමේ සිටි පුද්ගලයකු මියගිහින්

by sachintha
December 24, 2024 1:34 am 0 comment

බලපිටිය රෝහල ඉදිරිපස ඇති බස් නැවතුම තුළ පුද්ගලයකු මියගොස් සිටියදී ඊයේ (23) පෙරවරුවේ පොලිසිය සොයා ගත් බව බලපිටිය රෝහල් පොලීසිය පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ තිලකපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන ජී.ජී. ධනසිරි (82) නමැත්තකු බවට හඳුනාගෙන ඇති බවත්, ටික දිනෙක සිට ඔහු මෙම ස්ථානයේ රැඳී සිට ඇති බවත් පොලීසිය අනාවරණය කරගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතාගේ උපදෙස් පරිදි බලපිටිය රෝහල් පොලීසිය පරීක්ෂණ සිදු කළ අතර, සිරුර බලපිටිය මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මොහුගේ මරණ පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබිණ.

ගාල්ල දිස්ත්‍රික් සංචාරක -ධර්මදාස සිරිවර්ධන, කරන්දෙණිය සමූහ – අනුරාධ ප්‍රියදර්ශන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT