Sunday, May 11, 2025
Home » 13දී කෝටිපතියකු වූ සූර්යවංශීගෙන් තවත් ලෝක වාර්තාවක්

13දී කෝටිපතියකු වූ සූර්යවංශීගෙන් තවත් ලෝක වාර්තාවක්

by sachintha
December 24, 2024 1:30 am 0 comment

වයස අවුරුදු 13දී කෝටිපතියකු වූ වෛබාව් සූර්යවංශී ලෝකයේම පළමු පෙළ ක්‍රිකට් තරගයක් නියෝජනය කළ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වෙයි. සර්යවංශී එම වාර්තාව බිඳ දැමුවේ ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් කණ්ඩායමට එරෙහිව බිහාර් වෙනුවෙන් විජේ හසාරේ කුසලාන (ඉන්දියාවේ දේශීය එක්දින තරගාවලිය) තරගාවලිය නියෝජනය කරමිනි.

වයස අවුරුදු 13 යි දින 269ක් වෙද්දී එලෙස පළමු පෙළ ක්‍රිකට් පිටියට පිවිසි සූර්යවංශී, මෙයට පෙර 1999දී අලි අක්බර් විසින් වයස අවුරුදු 14 යි දින 51දී ඉන්දියාවේ විදර්බා පිල වෙනුවෙන් ක්‍රීඩා කොට පිහිට වූ වාර්තාව බිඳ දැමුවේය. අයිපීඑල් ක්‍රිකට් ඉතිහාසයේ වයසින් අඩුම ක්‍රීඩකයා වූ වෛබාව් සූර්යවංශී ඉන්දීය රුපියල් කෝටි 1.1කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 4ක්) රාජස්ථාන් රෝයල්ස් පිල පසුගියදා මිලට ගත්තේය. ඔහු පසුගියදා නිමාවූ ආසියානු කුසලාන තරගාවලියේදී අවුරුදු 19න් පහළ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩා කරමින් වාර්තා පොතට එක් විය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT