Tuesday, May 13, 2025
Home » ජනපති අරමුදලේ මුදල් අවභාවිතය: CIDයෙන් විමර්ශනයක්

ජනපති අරමුදලේ මුදල් අවභාවිතය: CIDයෙන් විමර්ශනයක්

by mahesh
December 25, 2024 1:01 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

ජනාධිපති අරමුදලේ අවභාවිතයක් සිදුවී තිබේදැයි සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. නීතිඥවරුන් සිවුදෙනකුගේ කණ්ඩායමක් පෙරේදා (23) පොලිස් මූලස්ථානයට පැමිණ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාට දුන් ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

‘මහජන අරමුදල් සුරැකීමේ නීතිඥවරු සංවිධානය’ ලෙස මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. ජනාධිපති අරමුදලේ මුදල් වැය කළ යුතු ආකාරය ගැන ජනාධිපති අරමුදල් පනතේ පැහැදිලිවම නිර්ණායක ඇති බවත් එම නිර්ණායකවලින් පිට මුදල් වැය කිරීම් කර ඇති බව කියවෙන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා එම පැමිණිල්ල කර ඇති බවත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණිල්ල යොමු කරමින් විමර්ශනයක් පවත්වන ලෙස නියෝග කරනු ලැබුවේ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT