මාරස දේශපාලන වෙනස වනාහී ජීවිතයේ හැමදාම වෙන දෙයක් පමණි. ඒ බව පෙනෙන්නේ මේ නිමේෂයේ සයිබර් රස්තියාදුවේ යන විටය. ක්‍රිස්තුස් වහන්සේට උපන් දින තුනක් තිබේ. ජුලියස් සීසර්ගේ කැලැන්ඩරයෙන් දෙසැම්බර් 25ය. එය වැරදියි කියා ග්‍රෙගරියන් දින දර්ශනයෙන් ක්‍රිස්තුස් වහන්සේ ඉපදුන දින ගණන වෙනස් කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 01 කියා ය. නමුත් ක්‍රිස්තු බැතිමතුන් අදහන්නේ තවම සීසර් කැලැන්ඩරයට අනුව නව රජයන් වෙනස් කළත් ක්‍රිස්තු උපත දෙසැම්බර් 25 කියාම ය.
ඒ ජුලියස් සීසර්‌ගේ නාමයේ ඓතිහාසික වීරත්වයේ පසුබිමක් ද යන්න මාරස මීට කලින් අවුරුදුවල ලිපි පළ කරන ලද්දේ ය. තවත් කස්ටියක් කියන්නේ ක්‍රිස්තු උපන් දිනයට වල්ගාතරුව පායන්නේ තවමත් ජනවාරි 07 කියා ය. ඒ නිකායන් ඒ ආකාරයෙන්ම මේ උපත සමරයි. නමුත් ග්‍රහතාරකා සිංහල හැට පැයේ ක්‍රමයට අනුවනම් දින දර්ශන නම් කිම්. ඒ මැයි පෝය දවසට බුදුනුවන්ගේ උපත ගණනය කර ඇත. රාජ්‍ය වර්ෂ ක්‍රමයෙන් ඒ කිමද යන්න කාරණා ඇවැසි නැත.
දින දර්ශන සම්බන්ධව ග්‍රෙගරියන් කැලැන්ඩරයට නිසි ගණිතමය පදනමක් නොමැතිව හදාගත්තා වූ සටහනටත් පිටු පාමින් සීසර්ගේ කැලැන්ඩරයට අනුගතව දෙසැම්බර් 25 සාමයේ කුමරුගේ උපත ලෙස ශ්‍රී ලාංකේය ක්‍රිස්තියානි සහ තවත් නිකායන් සම්බන්ධ බැතිමතුන් පිළිගනු ලබයි. එසේම බෞද්ධයින් ජේසු උපතද අංක වරද්දාගත් නව වසරද ගරුත්වයෙන් පිළිගනු ලැබේ. ඉතින් මාරසද ජේසුස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර් හි ටෙඩ් නීලි (ඡායාරූපය: රොනල්ඩ් ග්‍රාන්ට් ලේඛනාගාරයේ) තිබී සේයා රුව හමු වූ සයිබර් රස්තියාදුවේ මාර නිසසංසල මොහොතක ය. ඉතින් මාරස පතන්නේ ක්‍රිස්තියානි-කතෝලික අයට නොව ආධ්‍යාත්මිකත්වය යන්න විද්‍යාවක් වී තිබෙන අපට මේ අතීතයෙන් ලත් ආදරය; ආදරයක් වේවාය කියාම ය. ආධ්‍යාත්මිකත්වය විද්‍යාවක් සේ දකින සැවොම දින වරද්දා ගත්තත් දෙසැම්බර 25 ජුලියස් සීසර්ගේ දින දර්ශනයට අනුව සුබම සුබ සාමයේ දිනයක් වේවා කියා මාරසද පතයි.
පැතුමක් කියන්නේ සෙල්ලමක් නොවන්නා සේම එය සෙල්ලමක්ද වන්නේ ය. එසේ නොවන්නේද නොවේ කියා කිව හැකි ය. කොටින්ම එසේ වන්නේද නොවේ නොවන්නේද නොවේ; කියා කියන චතුස්කෝටික තර්කය සිහිවෙන විට නලින්ද සිල්වාව ද, අධෝරක්ත කිරණ හරහා මුණ ගැසෙන්නේය.
මාරස වනාහී මාරයා ය. ඒ පිළිබඳ ක්‍රිස්තුස් වහන්සේ වචනයක්වත් කියා නැත. දන්නා සිංහලෙන් ඕෂෝ හෙවත් භගවාන් රාජිනිෂ් නම් ක්‍රිස්තුස් වහන්සේටද, දෙවියන් වහන්සේට පමණක් නොව කාල් මාක්ස්ලාටද පට්ටා පඳුරු ගැලවෙන්නට පහර දුන්නේ ය. ඒවා නිකන් අපේ රටේ පශ්චාත් වම්මුන්ද නිකම්ම නිකන් විදිහට විරුද්ධාභාෂයකට බැර කරන ලද්දේ ය. නමුත් ඕෂෝටත් තන්ත්‍රයානය මුලට ගත්තත් තන්ත්‍රයානයේ නාමයෙන් නව සටන් පාට ගෙන කුමන ආණ්ඩු පැවතුණත් ඕෂෝ ගත්තේ ඒවා ආදරය යන නාමයෙන් ය. බුද්ධලා සහ ක්‍රිස්තුස්ලානම් ආදරය යන්න ලෝකයේ අභිබවා යාමට පිටින් ඇති මිනිසුන් හදාගත් සාමාන්‍ය විශේෂිතයක් බව දැනගෙන සිටියාසේ ය. සැබෑවටම ස්වභාවයා අපට ආදරයක් නැත. මේ බුද්ධ ක්‍රිස්තුස් මැද්දට මාක්ස් සහෝදරයා පනින්නේ සාරසංග්‍රහවාදයකින් නොවේම ය. මේවා දේශපාලනිකව කියැවීම පසකට තබමු. මන්ද ඊට ලාංකේය ජනතාවද මේ මොහොතේ දේශපාලනය සම්බන්ධව මහා පරිමාණයෙන් ලිට්මස් පරීක්ෂණයක් කරගෙන නොගියත්, කෙරීගෙන යන නිසා ය. ඒ ස්වභාවයේ හැටි ය. ස්වභාවයේ දයලෙක්තිකයේ අර්ථකථනද සිහි වන්නේ ය.
කෙසේ වුවද සාමය සහ ආදරයේ නාමයෙන් ජීවිතයේ අමිමා, තාත්තා, පෙම්වතිය ගැන රොමැන්ටික් දේ සිහිවෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය හරහාම ය. නමුත් ඒ දේ පසුකර ‘යථ’ සෙවීම නොව ‘යථ’ විවේචනය කිරීමටත් දේවල් සොයා වෙනත් තැනකට ප්‍රාදුර්භූත වීමට සිතෙන අදහස් බුදුන්ගෙන් මතුවේ. ඒ සියල්ලට කලින් තොප ජීවත් වී සිටිය යුතුයි කියා ආදරයේ දේශපාලනය මාක්ස් පෙන්නුවේ ය. මේ තිදෙනාට පසුව ලෝකය වෙනම ආකාරයකට කරකවා අතහැරියේ ඇල්බට් අයින්ස්ටයින්ය. ඒ කාගේ ආදරය තේරුම් ගැනීමට විශ්වයේත් චක්‍රීයත්වය ඉගෙන ගත යුතුය. ඒවා ඉගෙන ගන්නට යූ ටියුබ් නාලිකා වලට ගිය විට ි පිස්සු හැදී නැවත පිස්සු හැදෙනවා නියත ය.
ඉතින් මාරසට මේ සේයා රුව ඉතිහාසයට හමුවී තිබීම ඇත්තටම මාර ය. ආදරය තුළ වෛරය, කුහකකම ජීවිතයේ නිලීන සියලු විකාරයන් පවතින්නේය. නමුදු ඒ සියල්ල මැදි කරගෙන ආදරය පොලාපනින ආකාරය මේ සේයාරුවෙන් පොලාපනින්නේ ය.
උපතින් මේ මොහොතේ මේ නාමකරණයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට උපන් දින තුනක් තිබුණත්, ආදරයේ නාමයෙන් ආදරයේ තොත්තුවක් උන්වහන්සේට දිය යුතු ය. ඒ සැබෑ ආදරයේ නාමයෙන් ඔබව සිහිකරන මිලියන, බිලියන, ට්‍රිලියන ගණන් වූ මිනිසුන් අාදරය හා වෛරය තුළ නිපන් ආදරයේ වේදනාව සහ සදාකාලිකවම ඉන් මිදීමට මිනිසාගේ බලාපොරොත්තුවත් ආදරයේ පරම ආදරණීයත්වයත් ඔබවහන්සේ බව නිකම්ම, නිකන් මිනිසුන් පවා වැඩි මහත් දෙනෙක් පිළි ගන්නා නිසාය.
බුදුණුවන්ටත් අනෙකුත් ආගමික නායකයන්ටත් සේම කාල් මාක්ස්ටත් ඒ අනුගාමිකයන්ටත් ඇල්බට් අයින්ස්ටයින්ලාටද ආදරේ තමා ය. නමුත් අද පවතින නව ලිබරල්වාදයේ ෆැන්ටසි යථාර්ථය හරහා නම් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය ප්‍රථම ප්‍රේමයේ සුවඳ මිනිසුන්ට දැනෙනවා සේ ය. ඉතින් ඔබ වහන්සේව කවුරුන් දේශපාලනයේ කුරුසියක් සේම පාවිච්චි කරනු ලබන්නේද කිම්. මේ නවලිබරල් ආඛ්‍යානයේද ප්‍රථම ප්‍රේමයේ මෙන් මිනිසුන්ට දැනෙන ආදරයේ ඔබ වහන්සේ මේ නත්තලේ මතුවෙනවා සේ ය.
ඒ දේශපාලනයකින් වහන් ඉන්නා ආදරයේ සැබෑ මිහිරි සුවයම වන්නා සේ ය.
ජගත් මාරසිංහ