Home » අමෙරිකාවෙන් තායිවානයට ඩොලර් මිලියන 571ක හමුදා ආධාර

අමෙරිකාවෙන් තායිවානයට ඩොලර් මිලියන 571ක හමුදා ආධාර

by mahesh
December 25, 2024 1:00 am 0 comment

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ජනපති ධුරය බාර කරමින් ලබන ජනවාරියේ නික්ම යෑමට නියමිතව සිටින අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් තායිවානයට අමෙරිකානු ඩොලර් මිලියන 571.3ක හමුදා ආධාර ලබාදීමට අනුමැතිය දුන් බව ධවල මන්දිරය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තායිවානය ස්වාධීන රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගැනීමට ලක් නොවූවද, වසර ගණනාවක සිට අමෙරිකාව විසින් අවිආයුධ ඇතුළු හමුදා ආධාර සපයනු ලබන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මාස තුනක් ඇතුළත අමෙරිකාව විසින් තායිවානයට හමුදා සහාය ලබාදෙන දෙවැනි අවස්ථාව මෙය බවත්, මිට පෙර ඩොලර් මිලියන 567ක හමුදා සහාය ලබාදීමට පියවර ගෙන තිබූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අවිආයුධ ඇතුළු තවත් සේවා රැසක් තායිවානයට සැපයීමට ඩොලර් මිලියන 571.3ක ආධාර ලබාදෙන ලෙස ජෝ බයිඩ්න් සිය රාජ්‍ය ලේකම්වරයාට උපදෙස් දුන් බව නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT