Home » මූල්‍ය වංචා නඩු විභාගයට ශෙයික් හසීනා ආපසු එවන්න

මූල්‍ය වංචා නඩු විභාගයට ශෙයික් හසීනා ආපසු එවන්න

බංග්ලාදේශ රජය ඉන්දියාවෙන් ඉල්ලයි

by mahesh
December 25, 2024 1:00 am 0 comment

බංග්ලාදේශයේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරිමේ ව්‍යාපෘතියේදී අමෙරිකානු ඩොලර් බිලියන 5ක මූල්‍ය වංචාවක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති එරට හිටපු අගමැතිනි ශෙයික් හසීනාට එරෙහි නඩු විභාගය ආරම්භ කිරීම සඳහා ඇය බංග්ලාදේශයට බාර දෙන ලෙස එරට අන්තර්වාර රජය ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රුසියානු සමාගමක් විසින් මෙහෙයුම් කටයුතු සිදු කළ ඩකා අගනුවර සිට කිලෝමීටර් 160ක පමණ දුරින් පිහිටි රූපූර් න්‍යෂ්ටික බලාගාරය එරට පළමු න්‍යෂ්ටික බලාගාරය වන අතර, එම ව්‍යාපෘතියේදී අගමැතිනි ශෙයික් හසීනා, ඇගේ පුත්‍රයා වන සජීබ් වසීඩ්, ඥාති දියණියක වන බ්‍රිතාන්‍ය භාණ්ඩාගාරයේ ආර්ථික ලේකම්වරිය ලෙස කටයුතු කරන තුලිප් සිද්දීකි ඇතුළු පිරිසක් එම මහා පරිමාණ මූල්‍ය වංචාව සිදු කළ බවට බංග්ලාදේශ දූෂණ විරෝධී කොමිසම විසින් හෙළි කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එම ව්‍යාපෘතිය ඉදි කිරිමේදී ඩොලර් බිලියන 5ක මුදලක් අගමැතිනිය විසින් මැලේසියාවේ බැංකුවකට යොමු කර ඇති බවත්, එම විමර්ශන කටයුතු ප්‍රමාද කිරීම පිළිබඳ එරට මහාධිකරණය බංග්ලාදේශ දූෂණ විරෝධී කොමිසමෙන් ප්‍රශ්න කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT