Home » කෝටියක කුෂ් මෙරටට ගෙනා රුසියානු ජාතිකයා මාට්ටු

කෝටියක කුෂ් මෙරටට ගෙනා රුසියානු ජාතිකයා මාට්ටු

by mahesh
December 25, 2024 1:00 am 0 comment

කටුනායක - ටී.කේ.ජී. කපිල

රුපියල් කෝටියක් පමණ වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සූක්ෂ්ම ලෙස සඟවාගෙන පැමිණි විදේශිකයකු ඒවා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටියදී පෙරේදා (23) පස්වරුවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.

සැකකරු 34 හැවිරිදි රුසියානු ජාතික තොරතුරු තාක්ෂණ නිලධාරීවරයකු ලෙස සේවය කරන්නෙකි. ඔහු මීට අමතරව මෙම කුෂ් මත්ද්‍රව්‍ය වගා කර, සකස් කර, ලොව පුරා රටවල් අතර බෙදාහැරීමේ ජාවාරමක ද නිරත පුද්ගලයකු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ. මෙම පුද්ගලයා පෙරේදා (23) පස්වරු 12.50ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු විසින් රැගෙන එන ලද ගමන් මල්ල තුළ වූ ස්පොන්ජ් යොදා සකස් කළ නිදා ගැනීමට භාවිත කරන කොට්ටයක් තුළ මෙම කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 50ක් බරැති කුෂ් මත්ද්‍රව්‍ය තොගය සූක්ෂ්ම ලෙස සඟවා තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT