Saturday, May 3, 2025
Home » රට රැකියා දෙනවැයි ලක්ෂ ගණන් මුදල් ගැරූ අයගේ නම් හෙළි කරනවා

රට රැකියා දෙනවැයි ලක්ෂ ගණන් මුදල් ගැරූ අයගේ නම් හෙළි කරනවා

කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ

by mahesh
December 25, 2024 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

පසුගිය සමයේදී විදේශ රැකියා සඳහා යන පුද්ගලයන්ගෙන් පවා අයුතු ලෙස රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති බවට අනාවරණ වී ඇතැයි කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පවසයි.

අදාළ වංචා සම්බන්ධයෙන් ඉදිරියේදී තොරතුරු හෙළි කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමඟ එක්ව සංවිධාන කළ වැඩසටහනක දී (21) කම්කරු නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ වෘත්තීමය විභවයක් සහිත පුහුණු ශ්‍රමිකයන් නිර්මාණය කිරීමට සිය අමාත්‍යාංශය පුළුල් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.

ඒ මඟින් විදෙස්ගත වන ශ්‍රමිකයන්ට ඉතා ඉහළ වැටුපක් හිමි කර ගැනීමටත් රටට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට අවස්ථාව උදා වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මූලික අධ්‍යාපනය අවසන් කරන මෙරට තරුණයන්ට අනිවාර්යෙන්ම වෘත්තීය පුහුණුවක් ලබාදීම රජයේ අපේක්ෂාව බව යැයිද දිස්ත්‍රික්ක මට්ටමින් ආර්ථික විභවතාවයන් හඳුනා ගෙන ඊට පුහුණු ශ්‍රමිකයන් යොමු කර ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කැපවෙන බව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා එහිදී අවධාරණය කළේය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම වැඩසටහන සඳහා මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT