Home » රුමේනියා තානාපතිනිය අගමැතිනිය හමුවෙයි

රුමේනියා තානාපතිනිය අගමැතිනිය හමුවෙයි

by mahesh
December 25, 2024 1:00 am 0 comment

නුවන් කොඩිකාර

ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ රුමේනියානු තානාපතිනි, Steluta Arhire මහත්මිය කැපවී ක්‍රියා කිරීම පිළිබඳ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙ‍ෙණවිය සිය කෘතඥතාවය පළ කළාය.

ශ්‍රී ලංකාවේ රුමේනියානු තානාපතිනි, Steluta Arhire මහත්මිය, සිය ධුර කාලය අවසන් කරමින් අගමැති කාර්යාලයේදී අගමැතිනිය හමු වී සාකච්ඡා කිරීමෙන් පසු එසේ සඳහන් කළාය.

තානාපතිනියගේ ඉදිරි කටයුතු සඳහා අගමැතිනිය සුබ පැතුම්ද පිරිනැමුවාය.

ඉදිරි වසරවලදී දෙරට අතර සමීප සබඳතාවන් තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය කැප වී සිටින බව අගමැතිවරිය මෙහිදී තහවුරු කළාය.

මේ අවස්ථාවට අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු අමෙරිකාව සඳහා අධ්‍යක්ෂ ජනරාල් ශෝබිනි ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT