Tuesday, May 6, 2025
Home » නත්තලේ සැබෑ අරුත තේරුම් ගෙන රට වෙනුවෙන් සියලු දෙනා එක්වෙමු
නත්තල් දින පණිවිඩ

නත්තලේ සැබෑ අරුත තේරුම් ගෙන රට වෙනුවෙන් සියලු දෙනා එක්වෙමු

විපක්ෂ නායක කියයි

by mahesh
December 25, 2024 1:02 am 0 comment

නත්තලේ සැබෑ අරුත නිවැරැදිව වටහාගෙන රට වෙනුවෙන් සියලු දෙනා එකට එක් වෙමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නත්තල් දින පණිවිඩයෙන් කියා සිටියි.

විපක්ෂ නායකවරයා නිකුත් කළ නත්තල් පණිවිඩයේ මෙසේද සඳහන් වෙයි.

ප්‍රේමය, සාමය හා සහෝදරත්වය තේමා කර ගත් නත්තල ක්‍රිස්තු භක්තිකයන්ගේ ආගමික උත්සවයක් පමණක්ම නොව ලොව පුරා වෙසෙන සියලු ජාතීන්, ආගම්, පක්‍ෂ, වර්ණ, බාල, තරුණ වැඩිහිටි වෙනසකින් තොරව සමරන සංස්කෘතික උලෙළක් ද වෙයි. මෙහි අරුත නිවැරදිව වටහා ගෙන අප ද රටක් ලෙස ඉදිරියට යාමට කාලය එළැඹ තිබෙනවා.

මේ මොහොතේ අප රටේ පවතින බංකොලොත්භාවයෙන් මිදීමට නම් අප ද ජාති, ආගම්, පන්ති, පක්ෂ භේදයකින් තොරව සියලුම ජනතාව සහෝදරත්වයෙන්, සංහිඳියාවෙන්, ප්‍රේමයෙන් කටයුතු කළ යුතුයි.

එය රටේත් ජනතාවගේත් දියුණුවට හේතුවන බැව් අප සියලු දෙනාම අවබෝධ කර ගතයුතුයි. එවිට ඊළඟ නත්තල සමරන මොහොත වන විට සෑම නිවෙසකම අපේක්ෂාවේ පහන්සිළු වෙනුවට දියුණුවේ පහන්සිළු දැල්වෙනු ඇත.

ශ්‍රී ලංකාවාසී සියලු කිතුනු ජනයාට ප්‍රීතිමත් සුබ නත්තලක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි යනුවෙන්ද එහි දක්වා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT