Home » තර්ස්ටන් දේවපතිරාජ අර්ධ අවසන් පූර්ව තරගය අද
13න් පහළ පාසල් ක්‍රිකට්

තර්ස්ටන් දේවපතිරාජ අර්ධ අවසන් පූර්ව තරගය අද

by mahesh
December 25, 2024 1:00 am 0 comment

ඉෂානි යද්දෙහි
පදුම සහ දියත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධාන කරන අවුරුදු 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ කොළඹ තර්ස්ටන් සහ රත්ගම දේවපතිරාජ විදුහල් අතර වන අර්ධ අවසන් පූර්ව තරගය අද (25) බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයන් ලෙස දෙවැනි වටයට පිවිසි තර්ස්ටන් විදුහල සුදුසුකම් ලැබූ අතර, රත්ගම දේවපතිරාජ විද්‍යාලය පළමු වටයේදී තම කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමි කර ගනිමින් දෙවැනි වටයට සුදුසුකම් ලැබීය. දෙවැනි වටයේදී බළපිටිය රේවත විදුහලත්, තෙවැනි වටයේදී මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලත් පරදවමින් අර්ධ අවසන් වටයට එක් විය.

පළමු වටයේ තම කාණ්ඩයේ තෙවැනි ස්ථානයෙන් දෙවැනි වටයට එක්වූ දේවපතිරාජ විදුහල එහිදී කොළඹ ආනන්ද විදුහලත්, තෙවැනි වටයේදී මාතර සාන්ත තෝමස් විදුහලත් පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

කොළඹ තර්ස්ටන් විද්‍යාල පිල පදුම වීරරත්න විසින් මෙහෙයවනු ලබන අතර, රත්ගම දේවපතිරාජ විද්‍යාල පිල දියත් සංජිත විසින් මෙහෙයවයි.

මතුගම ආනන්ද ශාස්ත්‍රාලය කොළඹ ආනන්ද ‘බී’

සෙනිත සහ දිනෙත්

සෙනිත සහ දිනෙත්

මේ අතර තරගාවලියේ දෙවැනි කොටස යටතේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය සහ කොළඹ ආනන්ද විදුහල් ‘බී’ පිල අතර වන අර්ධ අවසන් පූර්ව තරගය අද (25) පාණදුර සාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ආනන්ද ශාස්ත්‍රාලය පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයන් වූ අතර, දෙවැනි වටයේදී හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලත්, තෙවැනි වටයේදී කොළඹ නාලන්දා (බී) පිලත් පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ආනන්ද ‘බී’ පිල පළමු වටයේදී තම කාණ්ඩයේ අනුශූරයන් වූ අතර, දෙවැනි වටයේදී කඩවත මධ්‍ය මහා විද්‍යාලයත්, තෙවැනි වටයේදී මහනුවර සාන්ත සිල්වෙස්තර ‘බී’ පිලත් පරදවමින් මේ තරගයට එක් විය.

මතුගම ආනන්ද ශාස්ත්‍රාල පිල සෙනිත නූපුර විසින් මෙහෙයවනු ලබන අතර, කොළඹ ආනන්ද ‘බී’ පිල දිනෙත් රාජපක්ෂ විසින් මෙහෙයවනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT