54
ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ තරගාවලියේ ශූරතාව කොළඹ විශාඛා විදුහල හිමිකර ගනියි. පසුගියදා අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේදී සමස්ත බාලිකා ශූරතාව හිමිකරගත් විශාඛාවෝ රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කමක් හිමිකර ගත්හ. රන් පදක්කම් දෙක යුලනි සේරසිංහ හා තනුකි නියම්ගම දිනාගත් අතර, රිදී පදක්කම් දෙක මනීෂා හෙට්ටිආරච්චි හා සිතුකි නියම්ගමට හිමි විය. ලෝකඩ පදක්කම නෙතුකි ජයදේව හිමිකර ගත්තාය. කොළඹ විශාඛා විදුහලේ විදුහල්පතිනී මනෝමි සෙනවිරත්න මහත්මියගේ මඟපෙන්වීම යටතේ ක්‍රීඩා භාර ආචාර්ය යමුනා දහනායක හා පුහුණුකරු තාරක එරංග ගමගේ යන මහත්ම මහත්මීන් ජයග්‍රහණය පසුපස සිටියහ.