Tuesday, May 13, 2025
Home » ජ’පුර පාපන්දු ශූරතාව දරුසලාම් විදුහලට

ජ’පුර පාපන්දු ශූරතාව දරුසලාම් විදුහලට

by mahesh
December 25, 2024 1:00 am 0 comment

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය අලෙවි කළමනාකරණ දෙපාර්තමේන්තුව සංවිධාන කළ වයස අවුරුදු 18න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැති ලෙජන්ඩ්ස් ලීග් පාපන්දු සැණකෙළියේ (Legends League Football Carnival) ශූරතාව කොළඹ දරුසලාම් විදුහල දිනා ගත්තේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති මේ තරගාවලියේ අවසන් මහා තරගයේදී කොළඹ රාජකීය විදුහල දඬුවම් පහර 3-2කින් පරාජය කිරීමට දරුසලාම් ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙහි තෙවැනි ස්ථානය ගාල්ල මහින්ද විදුහල හා සිව්වැනි ස්ථානය කොළඹ ඉසිපතන ක්‍රීඩකයෝ දිනා ගත්හ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT