Home » කොළඹ ඩී.එස්. සහ මාරිස්ටෙලා 13න් පහළ අවසන් පූර්ව වටයට

කොළඹ ඩී.එස්. සහ මාරිස්ටෙලා 13න් පහළ අවසන් පූර්ව වටයට

by mahesh
December 25, 2024 1:00 am 0 comment

ඉෂානි යද්දෙහි
චේමිත

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය දක්වන අන්තර් පාසල් අවුරුදු 13න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පසුගිය සමශූර කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල සමත් විය.

පාණදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේ පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී පසුගියවර සමශූර කොළඹ රාජකීය සහ ඩී.එස්. සේනානයක තරග වැදුණු අතර, එහිදී ප්‍රසාද ලකුණු අනුව ජයක් ලැබීමට ඩී.එස්.සේනානායක විදුහලට හැකි විය.

කොළඹ ඩී.එස්.සේනානායක විදුහල් ක්‍රීඩාංගණයේ පැවති අනෙක් අර්ධ අවසන් පූර්ව තරගයේදී ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහලට එරෙහිව මීගමුව මාරිස්ටෙලා විදුහල පළමු ඉනිමේ ජයක් ලැබීය.

මාරිස්ටෙලා විදුහලේ දකුණත් පාදඟ පන්දු යවන ක්‍රීඩක චෙමිත මධුෂාන් සාන්ත ඇලෝසියස් විදුහලට එරෙහිව ඉනිම දෙකේදී ලකුණු 67කට කඩුලු 10ක් දවාලීමට සමත් විය.

ඩී. එස්. පිලට ප්‍රසාද ලකුණු අනුව ජය

රාජකීය පළමු ඉනිම – 162/5 (ඕවර 50) උෂේන් තුඩුගල 43, ඩෑන් අබේසිංහ 30, අභිරු අමරසේකර 26 (රනිතු කුමාරසිංහ 4/1)

ඩී.එස්. පළමු ඉනිම – 103/2 (ඕවර 47) හාමීඩ් අෆ්ඩාල් නොදැවී 53, මියුරු බණ්ඩාර 28 (මහිම සිල්වා 13/2)

මාරිස්ටෙලා විදුහලට පළමු ඉනිමේ ජය

සා. ඇලෝසියස් පළමු ඉනිම – 87 (ඕවර 35.3) ඔකිත සෙත්සර 29, ශලොම් උයන්ගොඩ 25 (සංසල විතානගේ 18/4, චේමිත මධුෂාන් 23/4) සහ දෙවැනි ඉනිම – 85/9 (ඕවර 31) තේනුක උදාන් 23, අබ්දුල්ලා අම්ජාඩ් 20 (චේමිත මධුෂාන් 44/6)

මාරිස්ටෙලා පළමු ඉනිම – 186/8 (ඕවර 36.5) යෙනුල් බණ්ඩාර 79, සංසල විතානගේ 30, ඩිහේන් කෘස් 28 (මිනුල් නිම්සිත 10/2, කොවිඳු සන්දිල 14/2, ශලොම් උයන්ගොඩ 51/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT