Home » ස්ටොක්ස්ට මාස 3ක් ක්‍රිකට් බෑ

ස්ටොක්ස්ට මාස 3ක් ක්‍රිකට් බෑ

by mahesh
December 25, 2024 1:01 am 0 comment

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක බෙන් ස්ටොක්ස්ට මාස 3ක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදුව තිබේ.

නවසීලන්තයට එරෙහිව පැවති තෙවැනි ටෙස්ට් තරගයේදී ස්ටොක්ස් ආබාධයකට ලක්වූ අතර, ඔහු ලබන මාසයේ ශල්‍යකර්මයකට මුහුණ දීමට නියමිත බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසයි. එම නිසා ස්ටොක්ස්ට ඉදිරි මාස 3ක කාලයක් පිටියෙන් ඉවත්වීමට සිදු වන අතර, මේ වසර තුළ ආබාධයක් හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදුවූ දෙවැනි අවස්ථාව මෙයයි. නවසීලන්තයට එරෙහි තරගයේදී පන්දු යවමින් සිටියදී ස්ටොක්ස් මේ ආබාධයකට ලක්වූ අතර, පළමු ඉනිමේදී ලකුණු 27ක් රැස් කළ ඔහුට ආබාධය හේතුවෙන් දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දීමට නොහැකි විය.

මේ ආබාධය නිමා ස්ටොක්ස්ට ලබන මස ආරම්භ වන ඉන්දීය තරග සංචාරය සහ අයිසීසී ශූරයන්ගේ කුසලාන තරගාවලිය ද අහිමි වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT