Home » මහනුවර හෝටල්වලට ලක්ෂ 1000ක්
ලංකා ටී10 ක්‍රිකට් තරගාවලියෙන්

මහනුවර හෝටල්වලට ලක්ෂ 1000ක්

ක්‍රීඩකයන්ට රු. කෝටි 120කට වැඩිය ගෙව්වා - තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල

by mahesh
December 25, 2024 1:03 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර
නැඟී එන ක්‍රීඩ­කයා හා හොඳම පන්දු යවන්නා වූ ජැෆ්නා ටයි­ටන්ස් පිලේ ට්‍රෙවීන් මැතිව්ස් ටී10 තර­ගා­වලි අධ්‍යක්ෂ සමන්ත දොඩ­න්වෙල මහතා අතින් තෑගි ලැබූ අයුරු.

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී නිමාව දුටු ලංකා ටී10 ක්‍රිකට් තරගාවලියෙන් මහනුවර අවට හෝටල්වලට රුපියල් මිලියන 100ක් ගෙවූ බවත්‍‍ දෙස් – විදෙස් ක්‍රීඩකයන්ට පමණක් රුපියල් කෝටි 120කට වැඩි මුදලක් ගෙවීමට කටයුතු කර ඇති බවත් ලංකා ටී10 තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කළේය.

එයට අමතරව පලතුරු තොග ගණන් හා වතුර බෝතල් දහස් ගණන් මිල දී ගත් අතර, මෙරට තැඹිලි වෙළෙන්දා දක්වා මුදල් සම්භාරයක් ශ්‍රී ලංකාවෙන් පිටතට නොගොස් රට තුළ ව්‍යාපාරික ක්ෂේත්‍රයට හිමි වූ බව ඒ මහතා පෙන්වා දුන්නේය.

“කණ්ඩායමකටම දින 12කදී කාමර 30ක් පමණ අවශ්‍ය වුණා. කණ්ඩායම් 6ට කාමර 180ක් අපි මිල දී ගත්තා. විනිසුරුවන්ට, තරග තීරකට වගේම විකාශන කටයුතු භාර අයට තවත් කාමර 100ක් පමණ අවශ්‍ය වුණා. ඒ අනුව අපිට මහනුවර අවට හෝටල් කාමර පමණක් 280ක් මිල දී ගැනීමට සිදු වුණා. එක් කණ්ඩායමක දෙස් විදෙස් ක්‍රීඩකයන්ට අමෙරිකානු ඩොලර් ලක්ෂ 7ක් පමණ ගෙවා තිබෙනවා” සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ පළමු වරට පැවති මේ තරගාවලියට විශාල විදේශිකයන් පිරිසක් එක්වූ හෙයින් සංචාරක කර්මාන්යට විශාල යහපතක් වූ බවත්, වත්මන් රජයේ ක්‍රීඩා ආර්ථික සංකල්පය ශක්තිමත් කිරීමේ අවස්ථාවක් වූ බවත් දොඩන්වෙල මහතා සඳහන් ක‍ළේය. “මේ තරගාවලි‍යෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10කට වැඩි ආදායමක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 2900ක්) ශ්‍රී ලංකාවට ගලා ආවා. ඒ විශාල මුදල ශ්‍රී ලංකාවෙන් පිටතට නොගොස් රට තුළම රැඳී තිබීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාවේ පවතින විදේශ විනිමය අර්බුදයට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කළ මේ ටී10 තරගාවලියෙන් අතිවිශාල වාසියක් සිදු වුණා” සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.

“ක්‍රීඩාව පැත්තෙන් මේ තරගාවලිය වැදගත් වුණේ ඕනෑම ඕවරයකදී වේගයෙන් පහර දිය හැකි (Power hitters) තරුණ ක්‍රීඩකයන් හඳුනා ගැනීමට හැකි වීමයි. ට්‍රෙවීන් මැතිව්ස් වගේ ක්‍රීඩකයන් හඳුනා ගත්තා. ඔහු තීක්ෂණට හොඳ අභියෝගයක්. මේ වගේ අලුත් ක්‍රීඩකයෝ පිරිසක් සොයාගත්තා” දොඩන්වෙල මහතා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT