Home » හමුදා ආරක්ෂාව ඉවත් කළේ නිසි තක්සේරුවකින්ද?
හිටපු ජනපතිවරුන්ගේ 

හමුදා ආරක්ෂාව ඉවත් කළේ නිසි තක්සේරුවකින්ද?

by mahesh
December 26, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

හිටපු ජනපතිවරුන්ගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමේදී නිසි තක්සේරුවක් කළේදැයි ගැටලුවක් පවතින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පැවසීය.

රට ත්‍රස්තවාදයෙන් බේරා ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන තර්ජනයම හිටපු ජනාධිපතිවරු වන මෛත්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහ මහත්ම මහත්මීන්ට තිබෙන්නේදැයි එම තක්සේරුවේදී සොයා බැලුවේ ද යන්න ප්‍රශ්නයක් බව ද හෙතෙම කීවේය.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට පෙරේදා (24) එක්වෙමිනි.

“මේ ජනාධිපතිවරු අතරින් වැඩිම තර්ජනයක් තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාටයි. හමුදා ආරක්ෂාව ඉවත් කර එම සෙබළුන් කඳවුරු වෙත යොමු කළ ද පිරිවැයේ අඩුවක් වන්නේ නැහැ. ඒ හමුදා නිලධාරීන්ට වැටුප් ගෙවන්න වෙනවා. ඔවුන්ට වසරකට වැය වන මිලියන 610ක මුදල ඉදිරියටත් වැය වෙනවා. මෙයින් සිදු වන්නේ රට බේරා ගත් නායකයාගේ ආරක්ෂාව අඩු වීම පමණයි. ආරක්ෂාව අඩු කරන්න යම් තක්සේරුවක් ලබා ගත්තා. කමිටු නිර්දේශයක් අනුව තමයි මේ තීරණ ගත්තේ කියලා මහජන ආරක්ෂක ඇමැතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා. නමුත් මේ තක්සේරු කළ ක්‍රමවේදය ගැන අපට ගැටලුවක් තිබෙනවා. මේ ජනාධිපතිවරු හතරදෙනා අතර වෙනසක් තිබෙනවා.

එක පැත්තකින් එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව ඇතුළු වැඩිම තර්ජන තිබෙන මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන තර්ජනය ද අනෙක් පිරිසට තිබෙන්නේ කියලා හිතලා බලන්න ඕනෑ.” යැයි ද හෙතෙම මෙහිදී කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT