Sunday, May 11, 2025
Home » ඉන්ධන ජාවාරම සී.සී.ටී.වී. කැමරාවෙන් හෙළිවෙයි

ඉන්ධන ජාවාරම සී.සී.ටී.වී. කැමරාවෙන් හෙළිවෙයි

by mahesh
December 26, 2024 1:00 am 0 comment

වවුනියාව උතුර සමූහ - බන්දුල සෙනෙවිරත්න

අනුරාධපුරය නගරය හා නගරය අවට ප්‍රදේශවල නිවෙස් ඉදිරිපස නවතා තිබෙන වාහනවලින් රාත්‍රී කාලයේ ඉන්ධන හොරකම්කරන ජාවාරමක් නිවෙසක සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබිණ.

ප්‍රදේශවාසීන් පැවසූවේ අනුරාධපුරය කවරක්කුලම, මිහින්තලය හා අනුරාධපුරය යන ප්‍රදේශවල නිවෙස් ඉදිරිපස රාත්‍රී කාලයේ නවතා තිබෙන වාහනවලින් ඉන්ධන සොරකම් කිරීම කාලයක සිට කිසියම් පිරිසක් විසින් සිදුකරන බවයි.

අනුරාධපුරය කවරක්කුලම ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපස නවතා තිබූ යතුරුපැදියක ඉන්ධන සොරකම් කරන අයුරු නි‍ෙවසක සවිකොට තිබූ සී.සී.ටී.වී. කැමරාවක මෙලෙස සටහන්ව තිබූ අතර ප්‍රදේශවාසීන් පැවසූවේ සොරකම සිදුකරන පුද්ගලයා කිසිදු චකිතයකින් තොරව නි‍ෙවස ඉදිරිපස නවතා තිබෙන යතුරුපැදි දෙකක ඉන්ධන සොරකම් කරන අයුරු එහි දැක්වෙන බවයි.

සැකකරු හිස්වැසුමක් හා මුව ආවරණයක් පැලඳගෙන නි‍ෙවසට පැමිණ ඉන්ධන සොරකම් කරන බව ද ප්‍රදේශවාසීන් පවසයි.

බොහෝ විට අලුයම් කාලයේ නිවෙස් වෙත පැමිණ ඉන්ධන සොරකම් කරන බව ද අනාවරණය වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT