Home » හැකරුන්ගෙන් බේරෙන්න රාජ්‍ය සේවකයන්ට පුහුණුවක්

හැකරුන්ගෙන් බේරෙන්න රාජ්‍ය සේවකයන්ට පුහුණුවක්

by mahesh
December 26, 2024 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නායක

මෙරට රාජ්‍ය ආයතනයන්හි සයිබර් ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් රාජ්‍ය සේවකයන්ට විධිමත් දැනුමක් ලබාදීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සැලසුම් කර තිබේ.

රාජ්‍ය ආයතනයන්හි වෙබ් අඩවි හා පරිගණක මෘදුකාංග නිරන්තරයෙන්ම සයිබර් ප්‍රහාරවලට ලක් වන බැවින් ඒවා මැඬපවත්වා ගැනීමේ අරමුණෙන් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එවැනි සයිබර් තර්ජනවලින් එම වෙබ් අඩවි සහ මෘදුකාංග ප්‍රතිස්ථාපනය කිරීමට වාර්ෂිකව විශාල මුදලක් වැය වන බවත් එය රාජ්‍ය මුදල් අපතේ යෑමක් බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වා දෙයි.

මේ පිළිබඳ අවධානය යොමු කර සයිබර් ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රමවේදය පිළියෙල කිරීමට සංසදය සැලසුම් කර ඇත.

එම වැඩපිළිවෙළට අනුව මෙරට රාජ්‍ය සේවයේ ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

මේ වන විටත් රාජ්‍ය සේවයේ විවිධ අංශ සඳහා මේ පිළිබඳ දැනුම හා අවබෝධය ලබාදීමට සංසදය කටයුතු කර ඇති අතර 2025 වසරේදී එම දැනුම්වත් කිරීමේ වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට සූදානම් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT