Wednesday, May 7, 2025
Home » වාමගාමී ආණ්ඩුව රැකගැනීම අපේ වගකීමක්

වාමගාමී ආණ්ඩුව රැකගැනීම අපේ වගකීමක්

by mahesh
December 26, 2024 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නායක

අතිමහත් ජනතා ප්‍රසාදයකින් පත් වූ වාමගාමී ආණ්ඩුව ආරක්ෂා කර ගෙන ඉදිරියට ගෙන යෑමට සැමට වගකීමක් ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් වාසුදේව නානායක්කාර මහතා මේ බව පවසා ඇත.

එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

පොදු ජනතාවගේ ප්‍රසාදය ආරක්ෂා කර ඒකරාශී කිරීම සඳහා ජනතාවාදී වාමාංශික ජන පවුරක් ඇති කිරීමට අප්‍රමාදව ක්‍රියාමාර්ග ගත යුතුයි.

රටේ පවතින කරුණු කිහිපයක් ගැන සඳහන් කරමින් ඒ ගැන සැලකිල්ලට ගෙන ජාතික ජන බලවේගය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව තුළ සිදු කළ ප්‍රකාශයන්හිදීත්, ජාතික ජන බලවේගයේ ප්‍රකාශන මඟින්ද කියා සිටින්නේ වෙළෙඳපොළ තුළ ඇති වන ජන පීඩනයන් වැළැක්වීමට ආණ්ඩුව වෙ‍ෙළඳපොළ නියාමනය සඳහා මැදිහත් වන බවයි. මේ අනුව ජනතාව සහ ආණ්ඩුවට හිතවත් අය බලාපොරොත්තු වූයේ වෙළෙඳපොළ අල්ලා ගෙන සිටින සහල් මාෆියාව සහ මහමෝල් හිමි ඒකාධිකාරයන් මෙල්ල කිරීමට ආණ්ඩුව මැදිහත් වනු ඇති බවයි. මිල වැඩිවීම හා බඩු හිඟවීමට හේතුව එම වෙළෙඳ ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වන මාෆියාවන් බව ප්‍රකාශ කිරීම අපි සැවොම දන්නා දෙය නැවත කීම පමණක් සිදු වීම කනගාටුවෙන් නමුත් පෙන්වා දිය යුතුයි. වෙළෙඳපොළ මාෆියාව මෙල්ල කර විශේෂයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ හිඟය හා මිල අධිකවීම මැඬපැවැත්වීමට බලාපොරොත්තු වන ආකාරය හා ඒ වෙනුවට යොදන මාර්ග රට ඉදිරියේ තැබීම වැදගත් වෙනවා. එවිට ආණ්ඩු විරෝධී ප්‍රතිගාමිත්වය හා දක්ෂිණාංශිකයන් භාණ්ඩ මිල ඉහළ යෑම ආයුධයක් කරගෙන යොදන සැලසුම් හා කුමන්ත්‍රණ පරාජය කළ හැකිය. විශේෂයෙන් ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර පාන සපයාදීම රජයේ වගකීමක්. එය වෙළෙඳපොළට පමණක් භාරදී සිටිය නොහැකිය. එබැවින් සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් අත්‍යවශ්‍ය භාණ්ඩ තොග පවත්වා ගනිමින් සමුපකාර ජාලය ශක්තිමත් කර ඒ මඟින් රටපුරා බෙදාහැරීමට පියවර යෙදීම වහ වහා කළ යුතුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT