Tuesday, May 6, 2025
Home » කල්පිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ රැස්වීමේ ගුටි කෙළියක්

කල්පිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ රැස්වීමේ ගුටි කෙළියක්

by mahesh
December 26, 2024 1:00 am 0 comment

කල්පිටිය සමූහ - කුමාරි පද්මලතා, පුත්තලම දිස්ත්‍රික් සමුහ - ප්‍රසාද් පුර්ණමාල්

කල්පිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ වසර අවසාන රැස්වීම පෙරේදා (24) එම සමිති ශාලාවේ පැවති අතර, එහි දී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වූ බැව් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ පවසා සිටිති. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික උදය කුමාර විසින් තමාට පහර දුන් බවටත්, අනෙකුත් සාමාජිකයන් විසින් තමාට බැණ වැදී තර්ජනය කළ බවටත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඒ.ඒ.එම්.සදාත් කල්පිටිය පොලීසියේ පැමිණිල්ලක් ද කර ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හිටපු සභාපති කේ.එම්.එම්.ඒ.රසාක් මහතා පැවසුවේ, වයඹ සමුපකාර කොමසාරිස්වරයාගේ අනුමැතියෙන් පත් කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු මුල් කරගෙන ඉහත ගැටුම ඇති වූ බවයි.

අප මේ පිළිබඳව වත්මන් සභාපති ඒ.සී.එම්. සලාහුදීන් මහතාගෙන් විමසූ අතර ඔහු පැවසුවේ සුළු බහින්බස්වීමක් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ සිදු වූ බවත් තමා සභාපතිවරයා වශයෙන් ඊට මැදිහත්ව සමථයකට පත් කළ බවයි.

තමන්ට මෙලෙස පහර දුන්නේ තමන් පසුගිය කාලයේ සිදුවූ වංචා හා දූෂණ රටට කියූ නිසා බව කල්පිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ කේ. එම්. එම්. රසාක් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී කල්පිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ඒ. සී. එම්. සලවුදීන් මහතා සඳහන් කර සිටියේ, තමන් කිසිදු වරදක් කර නොමැති අතර, මෙම අධ්‍යක්ෂවරුන් දෙදෙනා ඉවත් නොකළ බවත්, මෙහි අධ්‍යක්ෂවරුන් ප්‍ර‍මාණය ඉක්මවා සිටින බවත්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT