Tuesday, May 6, 2025
Home » නව යුවළකට මංගල සීනු හැඬවෙයි
ක්‍රීඩාංගණ‍ය තුළ දරු උපතක් සිදු වෙද්දී

නව යුවළකට මංගල සීනු හැඬවෙයි

by mahesh
December 26, 2024 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර පෙරේදා පැවති 3 වැනි එක්දින තරගය අතුරතුරදී තරගය නැරැඹීමට පැමිණ සිටි මවක් වොන්ඩරර්ස් ක්‍රීඩාංගණයේදී නීරෝගි පිරිමි ළමයෙකු බිහි කළාය. ඒ ආසන්නයේම තවත් තැනකදී තරගය අතරතුර ප්‍රේක්ෂකයෙක් තම පෙම්වතියට විවාහ යෝජනාවක් කරමින් දණින් වැටී මුද්දක් පිරිනමා විවාහ ගිවිස ගැනීමක් ද ක්‍රීඩාංගණයේදී සිදු වුණි.

රැස්ව සිටි පිරිසගේ ඔල්වරසන් මැද යුවළ පිළිගත් අතර, මෙම යුවළ නව පරිච්ඡේදයක ගැඹුරු ආදර හැඟීමක් වනු ඇතැයි සලකා ගීත ගායනා කරමින් විනෝද වූහ.

වොන්ඩරර්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගය චාරිත්‍රානුකූල රෝස එක්දින තරගය ලෙසින් නම්කොට පැවැති අතර, ක්‍රිකට්වලින් ඔබ්බට හාත්පසින්ම වෙනස් හදවත උණුසුම් කරන හේතු දෙකක් නිසා අමතක නොවන එකක් බවට පත්ව තිබේ.

“නීරෝගි පුතුගේ උපත පිළිබඳව රබෙන්ග් මහතාට සහ එම මහත්මියට සුබපැතුම්” යනුවෙන් නිවේදනයක් ලකුණු පුවරුවේ ප්‍රදර්ශනය කිරීමට තරග සංවිධායකයෝ අමතක නොකළහ.‍ ක්‍රීඩාංගණයේ වෛද්‍ය මධ්‍යස්ථානයේදී දරුවා ප්‍රසූත කරන ලද අතර, වෛද්‍යවරුන් රබෙන්ග් පවුලට තම දරුවා එක්කර දීමට විශාල වෙහෙසක් දැරීය.
අලුත උපන් බිලිඳෙකුගේ පළමු අවස්ථාව සහ යුවළකගේ ජීවිත ගමනේ ආරම්භය එකම දිනකදී සිදුවූ වොන්ඩරර්ස් ක්‍රීඩාංගණය එ‍ලෙස අතීතයට එක් වූවේය.

දරු උප­තට වොන්ඩ­රර්ස් ක්‍රීඩාං­ග­ණයේ ලකුණු පුව­රුවේ සුබ­පැ­තුම්

දරු උප­තට වොන්ඩ­රර්ස් ක්‍රීඩාං­ග­ණයේ
ලකුණු පුව­රුවේ සුබ­පැ­තුම්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT