Sunday, May 11, 2025
Home » ඉන්දීය හිටපු අගමැති මන්මෝහන් අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය හිටපු අගමැති මන්මෝහන් අභාවප්‍රාප්ත වෙයි

by chanaka
December 27, 2024 6:19 am 0 comment

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වේ.

1932 වසරේ සැප්තැම්බර් 26 වැනිදා වත්මන් පාකිස්තානයට අයත් කොටසක් වන පංජාබ්හිදී උපත ලැබූ ඒ මහතා, මිය යන විට 92 වැනි වියේ පසුවිය.

2004 වසරේ සිට 2014 වසර දක්වා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය මන්මෝහන් සිං මහතා හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා වන මන්මෝහන් සිං මහතා දෙවරක් ඉන්දීය අගමැති ලෙසින් කටයුතු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT