Home » මහජන සාමය පවත්වාගෙන යාමට ජනපති සන්නද්ධ හමුදාව කැඳවයි

මහජන සාමය පවත්වාගෙන යාමට ජනපති සන්නද්ධ හමුදාව කැඳවයි

by chanaka
December 27, 2024 2:29 pm 0 comment

දිවයිනේ සියලු‍ පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සන්නද්ධ හමුදා කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (26) දින ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කෙරුනු මෙම අති විශේෂ ගැසට්‌ නිවේදනය ප්‍රකාරව අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් වේ.

මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාමට මෙලෙස සන්නද්ධ හමුදාවන් කැඳවා තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT