Friday, May 2, 2025
Home » NASA යානයක් ඉතිහාස ගත වෙමින් ආරක්ෂිතව සූර්යයා ළඟටම යයි

NASA යානයක් ඉතිහාස ගත වෙමින් ආරක්ෂිතව සූර්යයා ළඟටම යයි

by chanaka
December 27, 2024 8:58 pm 0 comment

නාසා ආයතනය මගින් යවන ලද අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ ඉතා ආසන්නයට ළඟා වී ඇතැයි එම ආයතනය අද ප්‍රකාශ කළේය.

එම යානාව ඉතිහාසගත වන්නේ සූර්යයා ආසන්නයට ම ගොස් නිරුපද්‍රිතව සිටීමට සමත් වූ යානාව ලෙසට ය.

පාකර් සෝලා ප්‍රොබ් (Parker Solar Probe) නම් මේ අභ්‍යවකාශ නිරීක්ෂණ යානයෙන් මේරිලන්ඩ් හි ජෝන්ස් හොප්කින්ස් ව්‍යවහාරික භෞතික විද්‍යාගාරයේ මෙහෙයුම් කණ්ඩායමට බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියට පෙර සංඥාවක් ලැබුණු බව සදහන් වේ.

දින කිහිපයක් ඉන් සංඥා නොලැබී තිබුණු හෙයින් එය සූර්යයා ගේ අධික උෂ්ණත්වයට විනාශ වූවාදැයි යන සැකය මතුවී තිබුණි.

මෙම යානය සූර්යයාට ළඟා වී ඇත්තේ සූර්යයාගේ මතුපිට පෘෂ්ඨයේ සිට සැතපුම් මිලියන 3.8ක් නැතහොත් කිලෝ මීටර් මිලියන 6.1කට බව නාසා ආයතනය තහවුරු කර ඇත.

මෙම යානයට පැයට සැතපුම් 430,000ක (පැ.කි.මී. 692,000) වේගයෙන් ගමන් කළ හැකි බවත්, 1,800F (980C)ක උෂ්ණත්වයකට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බවත් නාසා ආයතනය පවසයි.

මෙම අභ්‍යවකාශ යානයෙන් සවිස්තරාත්මක දුරස්ථ දත්ත ලබා ගැනීමට ජනවාරි 01 වැනිදා වන විට බලාපොරොත්තු වන බව නාසා ආයතනය වැඩිදුරටත් පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT