Home » පිළිස්සුණු කැබ් රථයේ තිබූ මළසිරුර පොලිසිය හඳුනාගනියි

පිළිස්සුණු කැබ් රථයේ තිබූ මළසිරුර පොලිසිය හඳුනාගනියි

by chanaka
December 27, 2024 8:50 pm 0 comment

පොළොන්නරුව – හබරණ මාර්ගයේ බටුඔය ප්‍රදේශයේ තිබී හමුවූ ගින්නකින් විනාශ වූ ඩබල් කැබ් රථය තුළ තිබී සොයාගත් මළසිරුර ගම්පහ – දෙකටන ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයකුගේ බවට හඳුනාගෙන තිබේ.

මින්නේරිය පොලිසිය පවසන්නේ, රථයට ගිනිතබා ඇති බව මූලික විමර්ශනවලට අනාවරණය වී ඇති බවයි.

පොලිසිය පැවසුවේ, මෝටර් රථය ආසන්නයේ තිබී සොයාගත් බෑගයක ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් ජාතික හැඳුනුම්පතක් සහ විවිධ ලිපි ලේඛන තිබූ බැවින්, පිළිස්සුණු රථයේ තිබී හමුවූ සිරුර හඳුනාගැනීමට ඒවා උපකාරී වූ බවයි.

පොලිසිය විසින් සොයාගත් බෑගයේ මියගිය පුද්ගලයාගේ ඇඳුම් කිහිපයක්, ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ රියදුරු බලපත්‍රයක් තිබී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකසහිත තත්ත්වයක් පවතින බැවින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයාගේ සහාය ඇතිව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT