Home » දුම්රියට 160යි

දුම්රියට 160යි

by mahesh
December 27, 2024 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක
train

දුම්රිය දෙපාර්තමේන්තුවට අදට (27) වසර 160ක් සපිරේ. ඒ වෙනුවෙන් නව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයේදී අද (27) පෙ.ව. 9.00ට සමරු උලෙළක්ද පැවැත්වේ.

ඒ වෙනුවෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලදී අද පස්වරුවේ විශේෂ ආගමික වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේන අතර, දුම්රිය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් විවිධ ආගමික වැඩසටහන්ද සංවිධානය කර ඇත.

මේ අතර සුනාමියට හසු වූ දුම්රියේ එන්ජිම අයත් දුම්රිය ඊයේ (26) කොළඹ සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කෙරිණි. අදාළ දුම්රිය සුනාමි ව්‍යසනය සිදු වූ අවස්ථාවේ අනතුරට ලක් වූ පැරෑලිය ප්‍රදේශයේ ඊයේ දිනයේ නතර කර, එම ස්ථානයේ ඉදි කළ ස්මාරකයට දුම්රිය කාර්ය මණ්ඩලය විසින් පුෂ්පෝපහාර දැක්වීමද සිදු කෙරිණි.

එමෙන්ම දුම්රියේ ගමන් ගත් මියගිය මගීන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක්ද පවත්වනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT