Home » කෝටුව ගෙල පසාරු කර ගියත් ජීවිතය බේරා ගෙන

කෝටුව ගෙල පසාරු කර ගියත් ජීවිතය බේරා ගෙන

වවුනියාව රෝහලේ විස්මිත සැත්කමක්

by mahesh
December 27, 2024 1:00 am 0 comment

වවුනියාව උතුර සමූහ - බන්දුල සෙනෙවිරත්න

වවුනියාව රෝහලේ සිදුකළ සාර්ථක සැත්කමකින් ඉවත් කොට, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූ බව වවුනියාව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ශල්‍ය වෛද්‍ය විශේෂඥ රජීව් නිර්මලසිංහම් මහතා හා නිර්වින්දන විශේෂඥ වෛද්‍ය නාගේෂ්වරන් මහතා ඇතුළු වෛද්‍ය හා හෙද කණ්ඩායමක් සාර්ථකව සැත්කම සිදුකොට රෝගියා බේරා ගෙන තිබිණ.

වගා බිමේ කිසියම් කාර්යයක් සිදුකරමින් සිටියදී අදාළ පුද්ගලයා වැටීමෙන් අනතුරුව ගෙල පසාරුවන ලෙසට ලී කෝටුවක් ගෙල හරහා ගොස් තිබූ අතර සිද්ධියට මුහුණ දුන් රෝගියා වවුනියාව රෝහල වෙත රැගෙන ඒමෙන් පසුව වෛද්‍ය කණ්ඩායම කඩිනමින් සැත්කම සිදුකොට රෝගියා බේරා ගැනීමට කටයුතු කළ බවද රෝහල් බලධාරීන් වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT