බංග්ලාදේශයේ පැවති ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීමේ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු ඊයේ (26) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 20 ක බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 12/17 දින සිට 12/21 දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර පවත්වා තිබුණි .
මෙම තරගාවලියේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩක විරේන් නෙත්තසිංහ රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වී ඇත .
ඊට අමතරව සිතුමි ද සිල්වා සහ ඉසුරි අත්තනායක ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි .
ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නිලධාරීන් සහ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .