Sunday, May 11, 2025
Home » ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරඟයක පදක්කම් දිනූ ශ්‍රීලංකික තරඟකරුවන් දිවයිනට

ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරඟයක පදක්කම් දිනූ ශ්‍රීලංකික තරඟකරුවන් දිවයිනට

by yasara
December 27, 2024 7:28 am 0 comment

බංග්ලාදේශයේ පැවති ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීමේ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු ඊයේ  (26) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය  ලෝකයේ රටවල් 20 ක බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 12/17 දින සිට 12/21 දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර  පවත්වා තිබුණි .

මෙම තරගාවලියේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩක විරේන් නෙත්තසිංහ රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වී ඇත .

ඊට අමතරව සිතුමි ද සිල්වා සහ ඉසුරි අත්තනායක ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි .

ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නිලධාරීන් සහ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT