Home » දෙසැම්බරයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465ක් ලංකාවට

දෙසැම්බරයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465ක් ලංකාවට

by chanaka
December 28, 2024 10:01 am 0 comment

මෙම මාසයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

එසේම 2024 වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 19ලක්ෂ 96,338 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

දෙසම්බර් මස පැමිණ තිබෙන සංචාරකයින්ගෙන් වැඩි පිරිසක් ඉන්දියාවේ සිට පැමිණ ඇති අතර එය 21174ක් ලෙස දැක්වේ.

එමෙන්ම රුසියාවෙන්, රාජධානියෙන්,ජර්මනියෙන් සහ ඔස්ට්‍ර්ලියාවෙන් ද විශාල සංචාරකන් ප්‍රමාණයක් පැමිණ තිබේ.

මෙම වසර අවසන් වන විට සංචාරකයින් මිලියන 2.1පිළිගැනීමට අපේක්ෂා කරන බවද සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

පසුගිය වසරේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂ 87,303 කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT