Tuesday, May 6, 2025
Home » සංස්කෘතික සංචාරක කර්මාන්තය නැංවීමට කොරියාවෙන් සීගිරියට රු. බිලියන 2.4ක්

සංස්කෘතික සංචාරක කර්මාන්තය නැංවීමට කොරියාවෙන් සීගිරියට රු. බිලියන 2.4ක්

by chanaka
December 28, 2024 10:43 am 0 comment

ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිතව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධීක්ෂණය මත යෝජිත මෙමගින්
1.සීගිරි පර්වතයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම
2.විකල්ප ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීම
3.සීගිරි කෞතුකාගාරය, ආපන ශාලාව සහ ප්‍රවේශ පත්‍ර කවුළුව ආදිය සංවර්ධනය කිරීම
ඇතුළු යෝජනා රැසකි.

සමස්ත වටිනාකම රුපියල් බිලියන 2.4 ක් වන මෙම ව්‍යාපෘතිය සඳහා බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී තිබේ.

මීට අදාළ සාකච්ඡාවක් පසුගියදා (27) බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී පැවැත්විණි.

ඊට කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) නියෝජනය කර එහි දේශීය අධ්‍යක්ෂ යුන්ග්ජින් කිම් (Myungjin Kim), නියෝජ්‍ය දේශීය අධ්‍යක්ෂ යොන්ග් වන් කිම් (Yong whan Kim) අමාත්‍යංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ, බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් අනිල් අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT