Tuesday, May 6, 2025
Home » යෝෂිත 03වැනිදා සීඅයිඩියට – මහින්දගේ ආරක්ෂක නෙවිල්ගෙන් පැය 04ක් ප්‍රශ්න කරයි

යෝෂිත 03වැනිදා සීඅයිඩියට – මහින්දගේ ආරක්ෂක නෙවිල්ගෙන් පැය 04ක් ප්‍රශ්න කරයි

by chanaka
December 28, 2024 10:47 am 0 comment

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබේ.

ඊයේ(27) දිනයේ ඔහුගෙන් පැය හතරක කාලයක් මෙලෙස ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.

නෙවිල් වන්නිආරච්චි සතුව ඇතැයි කියන විශාල වත්කම් ප්‍රමාණයක් ඔහු උපයාගත් ආකාරය සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදුව ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂටද අයථා ලෙස වත්කම් ඉපැයීමේ චෝදනාව මත ප්‍රකාශයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇති අතර ඔහු ඒ වෙනුවෙන් ලබන 03වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන බවට දැනුම් දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT