Home » මගී බස්වල රියදුරන් මාර්ග නීති කඩකරන විදිහ හොයන්න අලුත්ම මෙහෙයුමක්

මගී බස්වල රියදුරන් මාර්ග නීති කඩකරන විදිහ හොයන්න අලුත්ම මෙහෙයුමක්

by chanaka
December 28, 2024 2:21 pm 0 comment

මගී ප්‍රවාහන බස්රථ ඇතුළු අනෙකුත් වාහනවලින් සිදුවන රියඅනතුරු අවම කර ගැනීම සදහා උත්වය සමය මූලික කර ගනිමින් විශේෂ රථවාහන මෙහෙයුමක් වැඩබලන පොලිස්පතිගේ උපදෙස් පරිදි ක්‍රියාත්මකය.

පසුගිය 23වැනිදා සිට එය ක්‍රියාත්මක කෙරේ.

මෙම මෙහෙයුම් මගින් දුරගමන් සේවා බස්රථ රියදුරන් මාර්ග නීති උල්ලංඝනය කරමින් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත. මේ සම්බන්ධව අදාළ බස් රථවල ගමන් ගන්නා මඟීන් ගෙන් ද සාර්ථක තොරතුරු පොලිසිය වෙත ලබා දී තිබේ.

මඟී බස් රථ පරික්ෂාව සදහා සිවිල් ඇඳුමින් නිලධාරීන් රාජකාරී යොදවා දුර ගමන් සේවා බස් රථවල සැලකිය යුතු දුර ප්‍රමාණයක් ගමන් කරන රියදුරන් විසින් අපරික්ෂාකාරී රිය ධාවනය, පදික මාරු මතින් වාහන ඉස්සර කිරීම සහ අධික වේගය ඇතුණ රථවාහන වැරදි සම්බන්ධව නිරීක‍්ෂණය කිරීමට කටයුතු කරනු ඇත.

ඉන් පසු ඉදිරි ස්ථානයකදී නිල ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් එම බස්රථ නවත්වා සිදුකරන ලද රථවාහන වැරදි පිළිබද අදාළ රියදුරන් දැනුවත් කර ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීම සිදු කරනු ලබයි. මගීන්‌ගේ ආරක්ෂාව සදහා මෙම මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT