Home » හිටපු ඇමති මනූෂගේ සහෝදරයා CIDය විසින් අත්අඩංගුවට ගනියි

හිටපු ඇමති මනූෂගේ සහෝදරයා CIDය විසින් අත්අඩංගුවට ගනියි

by yasara
December 28, 2024 3:47 pm 0 comment

කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ සොහොයුරා වූ තිසර නානායක්කාර නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

තිසර නානායක්කාර නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත්තේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළව බිබිල ප්‍රදේශයේ දී යි.

මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව වැඩිදුර තොරතුරු ඉක්මනින්ම මාධ්‍ය වෙත ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග පවසයි.

කෙසේ වෙතත් මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2018 දෙසැම්බර් 10 වෙනිදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු තිසර නානායක්කාර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT