ගිරාඳුරුකෝට්ටේ, අළුයටවෙල මහවැලි ගම්මානයේ දිප්පිටිය ප්‍රදේශයේ කුඹුරක ආසන්නයේ ලඳු කැළෑවක මීට දින කීපයකට පෙර අභිරහස් ලෙස මියගිය වන අලියෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.
වන අලියාගේ වයස අවරුදු 30ක් පමණ වන උස අඩි අටක් වන පිරිමි සතෙකි.
ඊයේ (27) දින සවස මෙම වන අලියාගේ මළ සිරුර ප්‍රදේශවාසීන් දැක මහියංගනය අලි පාලන මෙහෙයුම් ඒකකයේ වන ජීවී නිළධාරීන් දැනුවත් කළ බව ප්‍රදේශවාසීන් සඳහන් කළේය.
විදුලි සැර වැදීමෙන් හෝ වෙඩි වැදීමෙන් මෙම වන අලියා මිය යන්නට ඇති බවට වන ජීවී නිළධාරීන් සැක පල කරන අතර එම සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව මහියංගනය වන අලි පාලන මෙහෙයුම් ඒකකයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක මංජුල ප්‍රදීප් මහතා පැවසීය.
අද (28) දින වන ජීවී පශු වෛද්‍යවරයෙකු පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.