Home » කඩුවෙල නගරය ගංවතුරෙන් යටවීම වැළැක්වීමට පියවර

කඩුවෙල නගරය ගංවතුරෙන් යටවීම වැළැක්වීමට පියවර

by yasara
December 28, 2024 9:13 pm 0 comment

කැළණි ගඟ හේතුවෙන් කඩුවෙල නගරය ගංවතුරට යට වීම වැළැක්වීමට පියවර ගෙන තිබෙයි.

ඒ ඊයේ (27) කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීයි.

එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සඳහන් කළේ එම ප්‍රදේශය අවට පහත්බිම් ගොඩ කිරීම සහ ඒ ආශ්‍රිතව සිදු කරන වැලි කැණීමේ කටයුතු ඊයේ සිට  ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බවයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයට ආසන්නයෙන් ඉඳිකර ඇති පාලන ජල වේල්ලද ගංවතුර තත්ත්වය සඳහා බෙහෙවින් බලපාන බවද  ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT