Home » සජබ කොටසක් පුංචි ඡන්දෙට වෙනම එන ලකුණු

සජබ කොටසක් පුංචි ඡන්දෙට වෙනම එන ලකුණු

by chanaka
December 28, 2024 10:29 am 0 comment

ලබන වසරේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන සන්ධානයෙන් වෙනම තරග කළ යුතු බවට දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරන පක්ෂ යෝජනා කර ඇත. එහිදී එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් හා පලනි දිගම්බරම් මෙන්ම කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් ඇතුළු පක්ෂයේ කණ්ඩායමක් විසින් මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

වෙන් වෙන්ව පළාත් පාලන ඡන්දයට තරග කළ ද පසුව සමගි ජන සන්ධානය සමඟ එකතු වීමෙන් ලබාගත හැකි මන්ත්‍රි ධූර සංඛ්‍යාව ඉහළ දමා ගත හැකි බව ඔවුන්ගේ බොහෝදෙනකුගේ මතය වී ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණයක් මේ දක්වා ගෙන නැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT